https://drive.google.com/file/d/1axkZ3i5QkQ7RDRhn9A6XShzMrxz4LqSJ/view?usp=sharing
199
ASB
https://drive.google.com/file/d/1axkZ3i5QkQ7RDRhn9A6XShzMrxz4LqSJ/view?usp=sharing
Friday, April 22, 2022
Friday, January 13, 2017
පරිගණක දෘඩාංග දැනුම
පරිගණකයක් තමන් විසින්ම එකලස් කරගැනීම
පරිගණකයක් එකලස් කිරීම කොටස් තුනක් ඔස්සේ ඔබට පැහදිලිව ලබා දීමට සුදානම් වන අතර හතරවන කොටස ලෙස Operating System එකක් ඉන්ස්ටෝල් කරගන්න ආකාරයත් ලබාදීමට බලාපොරොත්තු වෙමි.
- පලමු කොටස - දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම
- දෙවන කොටස - දෘඩාංග එකට එකතු කිරීම නොහොත් පරිගණකය එකලස් කිරීම
- තුන්වන කොටස - Bios සැකසීම හා යාවත් කාලය නොහොත් අලුත් කිරීම ( To Fix Bios setting and Update )
- හතර වන කොටස - Operating System ඉන්ස්ටෝල් (install ) කිරීම
01. පලමු කොටස - දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම
මෙහි දී ඉදිරිපත් කරණ කරුණු පරිගණක
පිලිබඳ නොදන්නා කෙනෙකුට වැදගත් විය හැක. මෙහිදී පරිගණකයකට අවශ්‍ය මුලික
කොටස් පිලිබඳ මූලික හැදින්වීමක් කෙරෙන අතර එය ඔබට විස්තරාත්මක වැඩි වීමට
හෝ අඩු වීමට පුළුවන.
අවශ්‍ය වන කොටස්, මෙහිදී ඔබට ඕනෑතරම් අංග
උපාංග අනන්තවත් සම්බන්ද කිරීමට හැකියයාවක් තිබෙන මුත් මෙහිදී හදුනාගන්නේ
ඉතාමත් අත්‍යවශ්‍යම උපාංග කීපයක් පමණි
ප්‍රධාන වසයෙන් අවශ්‍ය වන කොටස්
- Case ( කවරය) සමග Power Supply ( විදුලි සැපයුම් ඒකකය)
- Motherboard (මවු පුවරුව නොහොත් ප්‍රධාන පරිපථය)
- ප්‍රොසෙසරයක් (CPU)
- Memory (RAM)
- Hard Drive
- Expansion Cards විශේෂයෙන් Video Card
අනික් කොටස්(Optional parts)
- CD/DVD/BD Drive – අත්‍යවශ්‍යම නැ නමුත් නැතුවම බැරි දෙයක් OS එක ( Windows/Linux/Ubuntu ) වගේම, මෘදුකාංග (Software ) ඉන්ස්ටෝල් කර ගැනීමට ( මේ සදහා USB Drive ද පාවිච්චි කරන්න පුළුවන් )
- Monitor - LED/LCD/ CRT කුමක් හෝ
- Keyboard/Mouse ( යතුරු පුවරුව/මූසිකය )
- Speakers
මෙහිදී අමතර කොටස්ද ඕනෑතරම් ඇත එය ඔබේ අවශ්‍යතාවය පරිදි සකසා ගන්න
ප්‍රධාන වසයෙන් අවශ්‍ය වන කොටස්
ප්‍රධාන වසයෙන් අවශ්‍ය වන කොටස්
Case (කවරය)
Case එක
තොර ගැනීමේදී ප්‍රධාන පරිපථයේ ප්‍රමාණය ( Motherboard size එක ) ගැන
අවදානය යොමු කල යුතු අතර එහි උපාංග සවිකිරීමට ඇති හිඩැස් [ රාක්ක (Bays )
සහ Card වැනි දැ සදහා ඇති හිඩැස් (expansion slots) ] ප්‍රමාණවත් දැයි
නිර්ණය කල යුතුයි. මධ්‍යයම ප්‍රමාණයේ Case එකක් වඩා සුදුසුය.Full,Mid Mini Tower ලෙස ප්‍රධාන Casing වර්ග 03කි. බොහෝ දුරට භාවිතා වන්නේ පහත රූපයේ සඳහන් Tower Casing වේ.
Power Supply ( විදුලි සැපයුම් ඒකකය)
- Motherboard ( මවුපුවරුව ) ,Hard Drive(දෘඩ තැටියට) හා Optical Drive ( CD /DVD /BD ) සදහා ප්‍රධාන වශයෙන් විදුලිය සපයනු ලබන්නේ මෙම විදුලි සැපයුම් ඒකකය ( Power Supply ) මගිනි. එනම් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලිය සපයනු ලබන්නේ මෙම කොටස මඟිනි.AT ,ATX හා ATX -02 ලෙස
- Power Supply වර්ග 03 කි.Power Supply
හි කේබල් පරිගණකයේ උපාංග වලට සවි කිරීම ඉතා පහසු වනුයේ සවිකිරීමේදී
වැරදීමේ හෝ මාරුවී සවිවීමේ අවධානමක් නැති නිසාය . පහත ආකාරයේ වර්ග දෙකක්
ඔබට වෙලද පොලේ දැකිය හැකි අතර වෙනස් වර්ගද තිබේ ,බොහෝවිට දැකිය හැක්කේ
මේවාය.
ඔබට ඊළඟට එන ප්‍රධාන ගැටලුව වන්නේ මදර්බෝර්ඩ් එක සහ ප්‍රොසෙසරයක් නොහොත් CPU (Central processing unit ) එක තෝරා ගැනීමේදීය ,CPU හෙවත් ප්‍රොසෙසරය මදර්බෝර්ඩ් එකට සවිකිරීම සිදුකරනේ එහි ඇති Socketඑකෙහි Pin ප්‍රමාණය අනුව ය. මෙහිදී අප තෝරා ගත යුත්තේ කුමන වර්ගයේ ප්‍රොසෙසරයක්ද යන්න හදුනාගතයුතු වෙනවා.තම ඇති මුදලට සරි ලන ප්‍රොසෙසරයක් තෝරා ගෙන එයට සරිලන මදර්බෝර්ඩ් එකක් තොර ගැනීම වඩා සුදුසුය.
Motherboard (මවු පුවරුව / ප්‍රධාන පරිපථය)
- අප දැන් ඉතාමත් කෙටියෙන් මදර්බෝර්ඩ් සහ ප්‍රොසෙසර හදුනා ගනිමු ,මුලින්ම මදර්බෝර්ඩ් හදුනා ගනිමු.
- XT( eXtended Technology) Motherboards
- AT ( Advance Technology ) Motherboard
- Baby AT Motherboards
- ATX (Advanced Technology eXtended )Motherboard ( අප බහුලව භාවිතා කරන මදර්බෝර්ඩ් වර්ගය )
- ඊට අමතරව LPX Motherboard,NLX Motherboard,Pico BTX Motherboard,Mini ITX Motherboard සහ BTX Motherboard යනුවෙන් මදර්බෝර්ඩ් වර්ග කීපයක්ද ඇත .
Motherboard වල බොහෝවිට Sound , Network ඇතුලත් මෙන්ම VGA (video) ද ඇතුලත්ය.
පහත දක්වනුයේ ප්‍රොසෙසර වලට අදාල මදර්බෝර්ඩ් දෙකකි.
- Intel - මදර්බෝර්ඩ් වල සාමාන්‍යයෙන් (friendly name එක) හදුන්වන්නේ Socket හා Socket T,H,B ආදී වශයෙනි, තාක්ෂණික වශයෙන් හදුන්වන්නේ LGA( Land Grid Array )ලෙසය. මීට අදාලව Socket LGA 775 අන්තර් ගත මදර්බෝර්ඩ් එක කොටස් පහත දැක්වේ.
මදර්බෝඩ් එකක පිටත සම්බන්දකමදර්බෝඩ් එකේ පිහිටන දිග් තවු නොහොත් Slots හදුනා ගනිමු.
- RAM Slots
පහත රුපයෙන් ඔබට SDR, DDR, DDR2, DDR3 හා DDR4 ස්ලෝට්ස් හදුනා ගන්න පුළුවන් වගේම ඒ ඒ ස්ලෝට්ස් අතර වෙනසද හදුනා ගත හැක.- Expansion Slots
මදර්බෝර්ඩ් එකේ පිහිටන Expansion Slots වලට අදාල Cards හා වැඩි විස්තර expansion cards මාර්තුකාව යටතේ පැහැදිලි කොට ඇත. පහතින් ඇති Expansion Slots හදුනා ගන්න.
AGP ( Accelerated Graphics Port)
AMR ( Audio/Modem Riser )
EISA ( Extended Industry Standard Architecture )
ISA ( Industry Standard Architecture )PCI ( Peripheral Component Interconnect ) හා PCIe හො PCI Expressප්‍රොසෙසරය (CPU )
දැන් ප්‍රොසෙසරය හදුනා ගනිමු, CPU(Central Processing Unit) හෙවත් ප්‍රොසෙසරයේ වෙළඳනාම වර්ග දෙකක් අපිට දකින්න පුළුවන් ඒ INTEL හා AMD විදිහටය, ප්‍රධාන වශයෙන් Socket වර්ග දෙකක් ද දකින්න පුළුවන් එනම් PGA(Pin Grid Array) හා LGA(Land Grid Array )ඊට අමතරව BGA(Ball Grid Array) යනුවෙන් Socket වර්ගයක්ද ඇත එම ප්‍රොසෙසර පහත රූප සටහනින් හදුනා ගන්න.
PGA(Pin Grid Array)LGA(Land Grid Array )BGA(Ball Grid Array)
- Intel Socket
ප්‍රථමයෙන්ම Intel Sockets හදුනා ගනිමු, ඉහත සදහන් වූ පරිදි මේවා Socket හා Socket T,H,B ආදී වශයෙන් හදුන්වන අතර තාක්ෂණික නාමය LGA නම් වේ. මේ වන විට Socket පිළිබඳව සාමාන්‍යය අවබෝදයක් ලබාගෙන ඇත.
අඩු බලයක් සහිතව ක්‍රියාත්මක වන ප්‍රොසෙසර ලෙස Socket441, Atom ප්‍රොසෙසරය වගේම මැදි පරාසයක් ගන්නා ප්‍රොසෙසර නිදසුනක් ලෙස Socket H, Celeron සදහා Core i3, Core i5, and Core i7 800 යන ප්‍රොසෙසර පෙලක්ද නිදසුන් වශයෙන් ගතහැකි සේම වැඩි බලයක්, පරාසයක් (high-end) සදහා Socket B ,Core i7 900 සහ ඊට වැඩි ප්‍රොසෙසර පෙලක් Intel සතුය.
අද භාවිතා කරන පරිගණක බොහාමයකම භාවිතා වන්නේ මෙම LGA ආකාරයේ ප්‍රොසෙසරය, එම නිසා එවැනි ප්‍රොසෙසර් හදුනාගැනීම සදහා මදර්බෝර්ඩ් වල ඇති Socket කීපයක් හදුනා ගන්න.- Socket LGA 775 ( Socket T )
- Socket LGA 1156 ( Socket H )
මෙය 2009 සැප්තැම්බර් මාසයේදී නිෂ්පාදනය කර හදුන්වා දෙනුයේ Intel Core i - Series එක ( i3, i5 සහ i7) සදහාය. මෙයට මෙහිදී ඇතුලත් වනුයේ දිත්ව ක්‍රියාකාරී DDR3 මෙමරි පාලනයක් ( dual-channel DDR3 memory controller ) සහ විකල්ප ග්‍රැෆික් (Optional integrated graphics) මේ නිසා Display Port, High Definition Multimedia Interface (HDMI), Digital Visual Interface (DVI), or Video Graphics Array (VGA) යන සම්බන්දක සදහා ද අමතර සහයෝගයක් (Support ) ලබා දෙනු ලැබේ.- Socket LGA 1366 ( Socket B )
මෙය 2008 නොවැම්බර් මස දී හදුන්ව දී ඇත. මෙය වැඩි බලයක්, වැඩි පරාසයක් (high-end) සදහා වූ Intel Core i7-Series ප්‍රොසෙසර් සඳහා සුදුසු වේ (Support කරයි) මෙයට ඇතුලත්ව තිබෙනුයේ ද ත්‍රිත්ව ක්‍රියාකාරී DDR3 මෙමරි පාලනයකි.(Triple-channel DDR3 memory controller)- Socket LGA 1155 ( Socket H2 )
2011ජනවාරි මස මෙය හදුන්වා දෙන ලදී මේවා සපෝර්ට් කරන්නේ Intel Sandy Bridge දෙවන පරම්පරාවේ Core ix - series ප්‍රොසෙසර් වලටය මෙන්ම ,Socket LGA 1155 කවර් ප්ලේට් එක Socket 1156 වගේම වුවත් ප්‍රොසෙසර් හුවමාරු කල නොහැකි අතර Socket LGA 1155 - Intel Ivy Bridge (තුන්වන පරම්පරාවේ ) Core i7-series ප්‍රොසෙසර් වලටත් සපෝර්ට් කණු ලබයි .
- Socket LGA 2011
කෙසේ නමුත් අප වැඩි මනක් භාවිත කරනුයේ Socket LGA 775 ( Socket T ) සහ Socket LGA 1156 ( Socket H ) යන ආකාරයේ ප්‍රොසෙසර් (CPU) වර්ගය.
ඉහත සදහන් වූ කරුණු හා රුප සටහන් මගින් Intel Socket සම්බන්දව වැටහීමක් ලැබෙන්නට ඇතැයි සිතමි . එසේනම් අපි දැන් AMD Sockets සම්බන්දව සාමාන්‍ය වැටහීමක් ලබා ගමු.
- AMD Sockets
- Socket AM2/AM2+
Socket AM2 වැඩි දියුණුවක් විදිහට 2007 නොවෙම්බෙර් මස Socket AM2+ නිකුත් වෙනවා එසේවුවත් AM2 සහ AM2+ භෞතික වශයෙන් එක සමාන තත්වයක් ගන්නවා.පහතින් දක්වා ඇත්තේ Socket AM2 ය, Socket AM2+ ද පෙනුමෙන් Socket AM2 සමානය.
- Socket AM3 /AM3+
මෙය ත්‍රිත්ව ක්‍රියාකාරී DDR3 මෙමරි පාලනයක් සමග( Triple-channel DDR3 memory controller) 2009 පෙබරවාරි මස AMD විසින් ලොවට හදුන්වා දෙනවා.මෙහි Socket AM2 or AM2+ වඩා නවිකරණය වුවකි . පසුව Socket AM3+ නවීකරණය වුයේ “Bulldozer” නම් ප්‍රොසෙසර් සදහාය එය Pin 938 සමවිත වුවකි. මේවා AM3 sockets සහිත මදර්බෝර්ඩ් සදහා ද සහයෝගයගය දක්වයි .AMD වල ප්‍රධාන වශයෙන් ඇති Socket AM2, AM2+, AM3, සහ AM3+ වල වැදගත් වෙනස්කම් පහතින් දක්වා ඇත
Socket Pins සහයෝගය දක්වන මෙමරි ( Supported Memory )
AM2 940 DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]
AM2+ 940 DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]
AM3 938 DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]
AM3+ 938 DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]
AM2, AM2+, AM3, සහ AM3+ ප්‍රොසෙසර් හා මදර්බෝර්ඩ් වල ගැලපුම් වල සාරාංශයක් පහතින් දක්වමු.
- Socket AM2 or AM2+ ප්‍රොසෙසර් , AM3 මදර්බෝර්ඩ් වලට සවිකිරීමට නොහැකිය.
- Socket AM2 ප්‍රොසෙසර් ,AM2+ මදර්බෝර්ඩ් වලට සවිකිරීමට හැකිය.
- Socket AM3 or AM2+ ප්‍රොසෙසර් Socket AM2 මදර්බෝර්ඩ් වලට සවිකළ හැකි අතර DDR2 මෙමරියට සහ BIOS ප්‍රොසෙසරයට සහය දැක්විය යුතුයි ( BIOS සම්බන්දව ඉදිරියේදී ලිපියක් දැමීමට බලාපොරොත්තු වෙමි )
- Socket AM3 ප්‍රොසෙසර් Socket AM2+ මදර්බෝර්ඩ් වලට සවිකළ හැක.DDR2 මෙමරියට සහ BIOS ප්‍රොසෙසරයට සහය දැක්විය යුතුයි
- Socket AM3 ප්‍රොසෙසර් Socket AM3+ මදර්බෝර්ඩ් වලට සවිකළ හැකි අතර BIOS ප්‍රොසෙසරයට සහය දැක්විය යුතුයි
ඉහත Socket වලට අමතරව AMD විසින් හදුන්ව දී ඇති තවත් Socket 3ක් ගැන අප කෙටියෙන් සලක බලමු
- Socket F (1207FX)
- Socket FM1
- Socket FM2
කුමන ආකාරයේ ප්‍රොසෙසරයක් හෝ මදර්බෝර්ඩ් එක ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් හොදම අදහස තමා මුලින්ම ප්‍රොසෙසරයක් තොරා ගැනීම, දෙවනියට ඊට අදාල මදර්බෝර්ඩ් එකක් තොරා ගන්නේ නම් වඩාත් සුදුසුය.
සිසිලන පද්ධතිය (Cooling Systems)
පරිගණකයේ ප්‍රධාන සිසිලන පද්ධති වන්නේ CPU Cooling Fan හා Case Cooling Fan ය ,මෙයින් CPU Cooling Fan එක ඉතා වැදගත් වේ. මක්නිසාද යත් එය මගින් පරිගණකය මොලය ලෙස සැලකෙන අප මෙතෙක් හදුනාගත් ප්‍රොසෙසරයේ රත් වීම මෙයින් පාලනය කරනු ලබන නිසාය. මෙම Fan එක මදර්බෝර්ඩ් එක සමග ඔබට ලැබෙන අතර Case Fan සමහර විට Case එක සමග ලැබීමට හෝ නොලැබීමට පුළුවන ඔබට අවශ්‍ය නම් Case Fan සම්බන්ද කර ගැනීමට හැක. අපට Case Fan භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ රැස්වන තාපය බාහිරට මුදාහැර සිසිලන කාර්ය පවත්වා ගැනීමටය,මෙහිදී විශේෂ කරුණ වන්නේ පරිගණකයේ නිසි ක්‍රියාකාරිත්වයට මෙම පෑන් දෙකම අත්‍යවශය බවය.මීට අමතරව VGA Card එකේද Fan එකක් ඇත.
CPU Cooling Fan
RAM (Random Access Memory)
මදර්බෝඩ් මාර්තුකාව යටතේ අප RAM ස්ලොට් පිළිබඳව හදුනා ගත්තෙමු,දැන් අප RAM හදුනාගනිමු.
ප්‍රොසෙසරය සමග හුවමාරු වන දත්ත තාවතාලිකව ගබඩා වන්නේ RAM තුලය. මෙහි මතකය ස්ථිර නොපවතින අතර පරිගණකයේ වසා දැමු සැනින් මෙහි දත්ත මැකී යයි, RAM ධාරිතාවක වැඩි වීම තුලින් පරිගණකයේ ක්‍රියාකාරි වේගය වගේම විශාල වැඩසටහන් (සොෆ්ට්වෙර් වැනි) භාවිතා කිරීමේ හැකියාවත් වැඩි වෙනවා.මුලික මෙමරි වර්ග දෙකකි එනම් SRAM ( Static RAM) සහ DRAM ( Dynamic RAM) ලෙසය.
- SDR - (Single Data Rate) - SDRAM
128Mb , 256Mb , 512Mb , වැනි RAM වැනි මෙමරි සහිත RAM භාවිතා වෙයි.
- DDR- ( Double Data Rate ) - SDRAM
64MB DDR, 128MB DDR, 256MB DDR, 512MB DDR, 1GB DDR වැනි මෙමරි සහිත RAM භාවිතා වෙයි.
- DDR2 SDRAM
128Mb DDR2, 256Mb DDR2, 512Mb DDR2, 1G DDR2, 2G DDR2 වැනි මෙමරි සහිත RAM භාවිතා වෙයි.
- DDR3 SDRAM
1Gb DDR3 ,2Gb DDR3 ,4Gb DDR3 සහ 8Gb DDR3 දක්වා මෙමරි සහිත RAM භාවිතා වෙයි.- DDR4 SDRAM
DDR4 තාක්ෂණික අභිවෘධිය
- සංසික්ප්තය :
ඒ ඒ සම්මත නොහොත් සාමාන්‍ය මතකයන් ( Standard RAM ) හි pin ප්‍රමාණ
Wednesday, January 11, 2017
Types of Printers
මුද්‍රණ යන්ත්‍ර වර්ග හදුනා ගනිමු.
මුද්‍රණ යන්ත්‍ර අද වන විට විවිධ ආකාරයෙන් විවිධ හැඩයෙන් විවිධ කාර්යයන් සදහා විශේෂ කරගනිමින් නිර්මාණය කර ඇත.
මේවා පහසුවෙන් හදුනාගැනීමට නම් මුද්‍රණ යන්ත්‍ර අපට වර්ගීකරණය කිරීමට සිදුවේ. මුද්‍රණ යන්ත්‍ර අප නොයෙකුත් කාර්යයන් සදහා යොදාගනු ලබයි. වෙළද කටයුතු, කාර්යාල ලිපිලේඛන මුද්‍රණය, පෞද්ගලික ප්‍රයෝජනයට අපට මුද්‍රණ යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවේ. එම නිසා මුද්‍රණ යන්ත්‍ර වර්ගීකරණයේදී අප ප්‍රධාන කොටස් 2 කට බෙදා වර්ග කල හැක.
1.) සංඝට්ටන මුදුණ යන්ත්‍ර (Impact Printers)
මෙම
මුද්‍රණ යන්ත්‍ර ප්‍රාථමික මුද්‍රණ යන්ත්‍ර ගණයට අයත් වේ. මෙහිදී
මුද්‍රණයේ හිස (Head) කඩදාසිය මත ගැටිම තුළින් මුද්‍රණය වීම සිදුවේ. මෙසේ
මුද්‍රණයේ හිස කඩදාසිය මත ගැටීමේදි තරමක් ඝෝෂාකාරී වුවද මේවා සදහා
යොදාගන්නා තීන්ත මිලෙන් අඩුය. බැංකු, ගබඩා ආදියෙහි මේවා භාවිතා වේ. දැන්
බලමු සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් ගැන.
මෙම මුද්‍රකයේ හිස (head) මගින් තින්ත සහිත රිබනය මත ගැටෙමින් තිත් ආකාරයෙන් කඩදාසිය මත මුද්‍රණය කෙරේ.
එක් වරකට එකක් පේළියක් බැගින් මුද්‍රණය කරන මෙම මුද්‍රකය වේගවත් එකකි. මෙයට මිනිත්තුවකට පේළි 3,000 ක් පමණ මුද්‍රණය කිරීමට හැකියාව ඇත.
මේවා පහසුවෙන් හදුනාගැනීමට නම් මුද්‍රණ යන්ත්‍ර අපට වර්ගීකරණය කිරීමට සිදුවේ. මුද්‍රණ යන්ත්‍ර අප නොයෙකුත් කාර්යයන් සදහා යොදාගනු ලබයි. වෙළද කටයුතු, කාර්යාල ලිපිලේඛන මුද්‍රණය, පෞද්ගලික ප්‍රයෝජනයට අපට මුද්‍රණ යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවේ. එම නිසා මුද්‍රණ යන්ත්‍ර වර්ගීකරණයේදී අප ප්‍රධාන කොටස් 2 කට බෙදා වර්ග කල හැක.
1.) සංඝට්ටන මුදුණ යන්ත්‍ර (Impact Printers)
- තිත් න්‍යාස මුද්‍රකය (Dot Matri Printer)
මෙම මුද්‍රකයේ හිස (head) මගින් තින්ත සහිත රිබනය මත ගැටෙමින් තිත් ආකාරයෙන් කඩදාසිය මත මුද්‍රණය කෙරේ.
එක් වරකට එකක් පේළියක් බැගින් මුද්‍රණය කරන මෙම මුද්‍රකය වේගවත් එකකි. මෙයට මිනිත්තුවකට පේළි 3,000 ක් පමණ මුද්‍රණය කිරීමට හැකියාව ඇත.
2.) සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර (Non Impact Printers)
මෙම
මුදුණ යන්ත්‍රය කඩදාසිය මත සංඝට්ටනයක් වීම සිදුවන්නේ නැත.එමෙන්ම ඝෝෂාකාරී
බවින් තොරයි. මේ සදහා යොදාගන්නා තීන්ත මිලෙන් අධික වේ. මේවායෙහි ප්‍රතිදානය
ඉතා පැහැදිලි බවින් හා පිරිසිදු බවින් යුක්ත වේ. සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර
කීපයක් පහත පරිදි හදුනා ගනිමු.
ලේසර් කදම්බයක් කැඩපතක් හරහා බෙරයක් මත දැක්වීම සහ ඒ මතට කාට්රිජයක් (Cartridge) තුළ ඇති වියළි තින්ත කුඩු පතිත වීම මගින් මුද්‍රණය වීම සිදුවේ.සාමාන්‍යයෙන් මිනිත්තුවකට A4 ප්‍රමාණයේ පිටු 4ක් පමණ මුද්‍රණය කළ හැක. කළු වර්ණය මෙන්ම විවිධ වර්ණයෙන් ට්‍රෝනර් ඇති බැවින් ගුණාත්මක බවින් ඉහළම පින්තූර, ලේඛන මුද්‍රණය කළ හැකිය.
- ලේසර් තාක්ෂණය සහිත මුද්‍රණ යත්ත්‍රය. (laser Printer)
ලේසර් කදම්බයක් කැඩපතක් හරහා බෙරයක් මත දැක්වීම සහ ඒ මතට කාට්රිජයක් (Cartridge) තුළ ඇති වියළි තින්ත කුඩු පතිත වීම මගින් මුද්‍රණය වීම සිදුවේ.සාමාන්‍යයෙන් මිනිත්තුවකට A4 ප්‍රමාණයේ පිටු 4ක් පමණ මුද්‍රණය කළ හැක. කළු වර්ණය මෙන්ම විවිධ වර්ණයෙන් ට්‍රෝනර් ඇති බැවින් ගුණාත්මක බවින් ඉහළම පින්තූර, ලේඛන මුද්‍රණය කළ හැකිය.
- තීන්ත වීදුම් මුද්‍රණ යන්ත්‍රය. (Bubble/Ink Printer)
Subscribe to:
Posts (Atom)